Wednesday, May 4, 2016

May Day Joint Declaration - sry lanka language

2016 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්!

ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ 50 වෙනි සංවත්සරය දිගුකල් දිනේවා!

ලෝක නිර්ධන පංති විප්ලවය දිගුකල් දිනේවා! මාඕවාදය දිගුකල් දිනේවා!

මෙම මැයි දිනයේදී, අපි ලෝකය පුරා සිටින නිර්ධනීන්ගෙන් සහ පීඩිත ජනතාවගෙන් චීනයේ ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ 50 වෙනි සංවත්සරය සමරන ලෙස ඉල්ලා සිටිමු. ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ දී දැවැන්ත උපායික පහන් වැටක් ලෙස, මාඕ සේතුං චින්තනය තීව‍්‍ර ලෙස ව්‍යාප්ත කළ අතර මාක්ස්-ලෙනින්වාදය මාඕවාදය ලෙස නව අවධියකට සංවර්ධනය කොට ඉදිරියට දැමූ සභාපති මාඕ ලෝක විප්ලවයේ පිළිගත් නායකයා විය.

‘‘සියළු අධිරාජ්‍යවාදීහු සහ ප‍්‍රතිගාමීහු කඩදාසි කොටියන් වෙති’’ යන්න සභාපති මාඕ විසින් ප‍්‍රකාශ කොට දශක පහකට පසුව පවා අධිරාජ්‍යවාදය දිග්ගැස්සීගිය ගැඹුරු අර්බුදයක වඩ වඩාත් ගිලෙමින් ලෝකය වඩා කුණාටු සහිත ස්ථානයක් බවට පත් කරමින් විප්ලවයට බෙහෙවින් වාසිදායක තත්ත්වයක් ඇති කොට ඇත.

අධිරාජ්‍යවාදයේ වත්මන් අවධියේදී, ප‍්‍රාග්ධනයේ දරුණු කේන්ද්‍රගතවීම සහ මධ්‍යගතවීම බෙහෙවින් තීව‍්‍ර අවධියක පවතී. අද, ලෝකයේ ජනගහනයෙන් 1% ක් සතුව ලෝකයේ ඉතිරි සමස්ත ජනගහනය සතුව තිබෙනවාට වඩා වැඩි ධනයක් හිමිව පවතී. පසුගිය වසර පහ තිස්සේ පෙර නොවූ විරූ ලෙස ප‍්‍රාග්ධනය එක් තැනකට ගොනු වීම කෙතරම් ද යත් ලෝකයේ පොහොසත්ම මිනිසුන් 62 දෙදෙනා සතු ධනය 45% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ‘‘දිළිඳුම අර්ධය අතර’’ පැතිර තිබෙන ධනය 38% කින් පහත වැටී ඇත. එය පීඩිත රටවල නිරපේක්ෂ බහුතරය වන අතර එම ජනගහනයෙන් 33% ක්ම සිටින්නේ ඉන්දියාවෙහිය. මහ ධනපතියන් ලෝකයේ සුපිරි බලවතුන් බවට වඩාත් කේන්ද්‍රගත වේ. වසර පහකට පෙර, ලෝකයේ ධනයෙන් 41% පමණ ප‍්‍රමාණයකට හිමිකම් කියන්නන් බොහෝ දෙනෙක් එක්සත් ජනපදයේ ජීවත්වූ අය වූහ…. දැන් එය 46% කි. ප‍්‍රාග්ධනයේ මධ්‍යගතවීම වැඩි වීම නිසා එක්සත් ජනපදය පළමු වතාවට 1990 දී ලෝක මුදල් සංසරණයෙන් 50% ක ප‍්‍රමාණයක ඒකාධිකාරයක් අත් කර ගත්හ.

ඊට ප‍්‍රතිලෝමව ලෝකය පුරා අඩුම තරමින් මිලියන 800 ක ජනතාවක් අන්ත දිළිඳු යැයි හඳුන්වන තත්ත්වය යටතේ ජීවත් වෙති. මේ තත්ත්වය වඩාත්ම ප‍්‍රකාශ වන්නේ අර්ධ රදළ රටවල්වලයි. අතිශයින් දිළිඳු ලෙස දිවි ගෙවන ගෝලීය ජනගහනයෙන් 75% ක්ම දුප්පත් ගොවීන්ය. තවද මිලියන 750 ක් පමණ ජනතාවකට පිරිසිදු ජලය නොමැතිවා මෙන්ම 25% කට විදුලිය නොමැත. මිලියන සිය ගණනක් ජනතාව අධිරාජ්‍යවාදී යුද්ධ, බලහත්කාරී ඉවත්කිරීම්, වසංගත රෝග, සාගත, සහ මිලේච්ඡ විරැකියාව වැනි තත්ත්වයන්ගෙන් කෲර ලෙස බැට කනු ලබයි. ග‍්‍රීසිය වැනි රටවල්වල පවා තරුණයින්ගෙන් 50% ටත් වඩා වැඩි ප‍්‍රමාණයක් විරැකියාවෙන් පෙලෙයි.

අධිරාජ්‍යවාදය, ප‍්‍රධාන වශයෙන්ම යැංකි (ඇමරිකානු) අධිරාජ්‍යවාදය මැද පෙරදිග ප‍්‍රමුඛ ආධිපත්‍යයට නතු රටවල්වලට එරෙහිව සිය කොල්ලකාරී අධිරාජ්‍යවාදී යුද්ධ වර්ධනය කරමින් සිටී: ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව, ඉරානය වැනි රටවල් වර්තමානයේ අධිරාජ්‍යවාදී බෙදීමට හසුවුණු ගොදුරු වේ. පරමාණුක සුපිරි බලවතුන් වීම නිසා රුසියාව සිය වපසරියේ බලපෑම කලමනාකරණය කිරීමට ප‍්‍රයත්න දරන විට යැංකි අධිරාජ්‍යවාදය සිය තත්ත්වය එකම අධිපති සුපිරි බලවතාගේ තත්ත්වයට තහවුරු කරගැනීමට දරන ප‍්‍රයත්නය වඩාත් උග‍්‍ර වේ. එමෙන්ම අධිරාජවාදී චීනය වඩාත් ශක්තිමත් බෙදා ගැනීමක් අත් කර ගැනීම සඳහා එකම සුපිරි බලවතා වන යැංකි අධිරාජ්‍යවාදය සමග ඇති ප‍්‍රතිවිරෝධය තීව‍්‍ර කරගනිමින් සිටී. තවමත් තහවුරු වී නොමැති අධිපතියෙක් වීම සඳහා යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල් අතර (ප‍්‍රධාන වශයෙන් ජර්මනිය සහ ප‍්‍රංශය) අරගලයක් පවතින අතර ඔවුන්ගේ නියාමක බලය අනෙක් අධිරාජ්‍යවාදීන් දොම්නසට පත් කරයි.

සිරියානු ජාතිය සහ මුළු උපමහද්වීපය (මෑත දී ලව්රොව් සහ කෙරී අතර අත්සන් කරන ලද ගිවිසුම පරිදි) බෙදා වෙන්කොට පාලනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම නිසා රුසියාව සමග ගැටුමකට එළැඹ ඇති එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන අධිරාජ්‍යවාදී හවුල ‘‘ත‍්‍රස්තවාදයට’’ එරෙහි යුද්ධය යන නාමයෙන් සෑම වර්ගයකම ජන සංහාර සහ සමූලඝාතනවලට උල්පන්දම් දෙයි. මේ සඳහා ඔවුහු මිනිසුන් මිනිසුන්ටම එරෙහිව යොදවමින් අධිරාජ්‍ය-විරෝධී පෙරමුණ බෙදීමට ලක් කොට බොඳ කර දැමීමට පටන් ගෙන තිබේ.

පස් වසරකට වැඩි වූ අධිරාජ්‍යවාදී ආක‍්‍රමණයෙන් සිරියාව තුළ 470,000 මියගොස් මිලියනයකට ආසන්න ගණනක් තුවාල ලබා ඇත. එම පස් වසර තුළදී රටේ ආයු අපේක්ෂාව කෙතරම් පහළ වැටීද යත්, 2010 වන විට අවුරුදු 70 හි තිබූ එය 2015 වන විට අවුරුදු 55.4 දක්වා පහත වැටී ඇත. මේ සංඛ්‍යාවට 2015 දී සංක‍්‍රමණය වීමට උත්සාහ කොට මියගිය 5,350 ට නො අඩු මිනිසුන් ප‍්‍රමාණය ද ඇතුල්ය.

අපේ කාලයේ උග‍්‍ර වෙමින් තිබෙන ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය වන පීඩිත ජාතීන් සහ අධිරාජ්‍යවාදය අතර තිබෙන ප‍්‍රතිවිරෝධය ලෝකය තුළ තිබෙන අනෙකුත් ප‍්‍රතිවිරෝධ වන අන්තර් අධිරාජ්‍යවාදී තරඟය සහ අධිරාජ්‍යවාදී රටවල්වල නිර්ධනීන් සහ ධනේශ්වර පංතිය අතර ඇති ප‍්‍රතිවිරෝධය ආදී ප‍්‍රතිවිරෝධයන් වඩාත් උත්සන්න කරයි.

රුසියාව සිරියාව තුළ යුද්ධයට සක‍්‍රීයව සම්බන්ධවීම වූ කලී සිරියාව සහ යුකේ‍්‍රනය තුළ දී සිය අභිලාශයන් ආරක්ෂා කරගැනීමේ අරගලයේ ම කොටසකි. කලාපයේ ආධිපත්‍යය වෙනුවෙන් අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුමේ භූමිකාවක් ලෙස, තුර්කියේ සහ සවුදි අරාබියේ ගැති රජයන් සෑම විධියකම කුපිත කිරීම් සිදු කරමින් යැංකි අධිරාජ්‍යවාදය දිරිමත් කරමින් කලාපය වඩ වඩාත් විනාශ කිරීමට සහ ඉරානය හුදෙකලා කොට වැඩිදුරටත් එය පරාජයට පත් කිරීමට කටයුතු කරයි – ෂියා නායකයින්ගේ හිස් ගසා දමා මෑතදී ප‍්‍රදර්ශනය කළේ එවැන්නකි. ජනතාවට කිසි ලෙසකින්වත් වාසිදායක තත්ත්වයක් අත් කර නොදෙන අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුම ඒ වෙනුවට අප සිරියාවේ, ඉරාකයේ, යෙමනයේ සහ ලිබියාවේ දුටු පරිදි යටත්විජත සහ අර්ධ-යටත්විජිත ආධිපත්‍යය උග‍්‍ර කරයි.

එබැවින්, කුර්දි ජනතාව තුර්කි රාජ්‍යයේ සහ මැද පෙරදිග රටවල ආධිපත්‍යයට එරෙහිව අරගල කිරීම වෙනුවට, අප නැවතත් තරයේ කියා සිටින්නේ ඔවුන්ගේ ජනතාවගේ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට සහ සුළු ජාතීන් ගේ පරම අයිතිය වන ස්වයං තීරණ අයිතිය සහතික කර ගැනීමට මෙන්ම පූර්ණ වෙන්වීමට ඇති අයිතිය සහතික කර ගැනීමට හැකි වන්නේ මාක්ස්-ලෙනින්-මාඕවාදී පක්ෂ විසින් නායකත්වය දෙනු ලබන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයකින් පමණක් බවයි.

අර්බුද වලින් බියට පත්වන සංක‍්‍රමණිකයෝ විශාල ප‍්‍රමාණයක් සරණාගතයින් ලෙස යුරෝපීය අධිරාජ්‍යවාදී රටවලට පැමිණෙමින් සිටී. මේ යුරෝපීය රටවල් සහභාගි වන අධිරාජ්‍යවාදී යුද්ධවල ප‍්‍රතිඵලයක් ලෙස මේ අර්බුද හටගෙන ඇති අතර මැද පෙරදිග, ආසියානු සහ අප‍්‍රිකානු ප‍්‍රදේශ වල පීඩිත ජනතාව මෙයින් දුක්ඛිත තත්ත්වයකට සහ බලාපොරොත්තු විරහිත බවට පත්කොට ඇත. මේ නිසා ඔබට මහද්වීපය තුළින් දැවැන්ත විරැකියා ප‍්‍රමාණයක් විශේෂයෙන් තරුණයින් අතර සොයා ගත හැකිය.

මේ සංක‍්‍රමණික රැල්ල අධිරාජ්‍යවාදී කොල්ලයේම එක් අංගයකි. මක්නිසාදයත් අධිරාජ්‍යවාදී රටවල් තුළම ‘‘ජනගහන හිඟය’’ ට මුහුණ දීම නිසා සිය ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට අධිරාජ්‍යවාදයට සෑම වසරකදීම ලක්ෂ ගණනක් සංක‍්‍රමණික කම්කරුවන් අවශ්‍ය කරයි. 2060 වන තෙක් ජර්මනියේ ආර්ථිකයට වාර්ෂිකව සංක‍්‍රමණිකයින් 500,000 ක ප‍්‍රමාණයක් අවශ්‍ය කරයි. නමුත් මේ අධිරාජ්‍යවාදීන්ම ‘‘සංක‍්‍රමණික තර්ජනය’’ ගැන ප‍්‍රචාර පතුරුවන්නේ ජනතාව අතර අධිරාජ්‍යවාදී සීමාන්තික දේශානුරාගය පතළ කරමින්, ෆැසිස්ට්වාදයට අනුබල දෙමින් සංක‍්‍රමණික නිර්ධනයින් විශාල පරිමාණයේ නිර්ධන පන්තියෙන් වෙන්කොට තබා සිය අධිරාජ්‍යවාදී ආක‍්‍රමණවලට සහ ජනතාවට එරෙහි යුද්ධවලට හිතකර පොදු ජන මතයක් නිර්මාණය කර ගැනීම සඳහායි.

නිර්ධන පංතිය සහ ධනේශ්වර පංතිය අතර ඇති ප‍්‍රතිවිරෝධය, ජනතාව සහ අධිරාජ්‍යවාදී රජයන් සහ රාජ්‍යයන් අතර ඇති ප‍්‍රතිවිරෝධ ලෙස උත්සන්න වෙයි. ඊට අමතරව අධිරාජ්‍යවාදී යුද්ධ ‘‘නිවෙසටම ආපසු පැමිණ තිබේ.’’ පැරිස් සහ බ‍්‍රසල්ස් ප‍්‍රහාර සමගින්, ප‍්‍රංශයෙන් පටන් ගනිමින්, යුරෝපීය අධිරාජ්‍යවාදී ධනවාදය, සිරියාවේ කොල්ලකාරී යුද්ධය, ලිබියාව, මාලි යන රටවල්වල අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වලදී දැක්වූ සක‍්‍රීය සහයෝගය වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවන්නට සැලැස්වූහ.

ඔවුහු විදෙස් රටවල ආධිපත්‍යය සඳහා අධිරාජ්‍යවාදී යුද්ධ පුළුල් කරන විට, අභ්‍යන්තරිකව ඔවුහු සිය රටවල්වලම දිළිඳු ජනතාවට එරෙහිව යුද්ධයක නියැලී සිටී. අධිරාජ්‍යවාදය සෑම වර්ගයකම ප‍්‍රශ්න විසඳීම පිණිස යුද්ධ භාවිතා කරයි. ‘‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය’’ යන නාමයෙන් ඔවුහු රාජ්‍ය හදිසි නීතිය පනවමින්, සමස්ත සමාජයම මර්ධනයට සහ මිලිටරිකරණයට ලක් කරමින්, වර්ගවාදී  සහ සංක‍්‍රමණික අසල්වැසියන්ට එරෙහි විදේශික භීතිකාව පතුරන ප‍්‍රතිගාමී ව්‍යාපාර ඉස්මතු කරයි.

‘‘නව කම්කරු නීති සකස් කිරීමේ’’ ප‍්‍රතිපත්ති සමග ඔවුහු මර්ධනය දිගටම පවත්වාගෙන යමින් දිගු කාලීනව නිර්ධනීන්ගේ අයිතීන් මැඩ පවත්වන අතර වැටුප් ශ‍්‍රමය සූරා කෑම වැඩි වී ඇත. මිලියන ගණන් වැඩ කරන ජනතාව, විශේෂයෙන්ම තරුණයෝ, ප‍්‍රංශයේ සහ යුරෝපයේ අනිකුත් රටවල් වල බලසම්පන්න විරෝධතාවයන් සඳහා වීදි බැස ඇත.

කොමියුනිස්ට්වරුන් විසින් නායකත්වය දෙනු ලබන නිර්ධනීහු සහ ජනතාව, නිර්ධන පංති සහ ජනතා විරෝධතාවයන් අභ්‍යන්තර යුද්ධවලට එරෙහිව සහ අධිරාජ්‍යවාදී යුද්ධ විප්ලවීය යුද්ධ බවට හැරවීම පිණිස සූදානම් කිරීම ස්ථිර ලෙස ම පවරා ගත යුතුය.

අධිරාජ්‍යවාදී මෘගයාගේ උදරය තුළ සිට බොහෝ දේවල් සිදු කිරීමට, කොමියුනිස්ට්වරු නව මාඕවාදී පක්ෂ ඉදි කරමින්, ජනතාව සහ නිර්ධනීන් සමග ගැඹුරු බැඳීමක් ඇති කර ගැනීමට උත්සාහ දරමින්, විප්ලවීය ව්‍යාපාරය තුළ මතවාදී ආධිපත්‍යයක් දිනා ගනිමින්, නිර්ධන පංති නොවන සියළු මතවාදී පෙරමුණු, පුහුණු කරමින්, දේශපාලනික කරමින්, වඩාත්ම සූරාකෑමට ලක්වන වැඩ කරන පංතියේ ඒකක සහ දිළිඳුම ජනතාව සංවිධානය කරමින්, මහජන යුද්ධය ආරම්භ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ක‍්‍රියාවලිය සූදානම් කිරීමට සහ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.

අධිරාජ්‍යවාදය විසින් පීඩාවට පත් කරන රටවල් ලෝක විප්ලවයේ කුණාටු මධ්‍යස්ථාන සහ මූල කඳවුරු බවට පත් වෙයි. ඉන්දියාව, පිලිපීනය, තුර්කිය සහ පේරු යන රටවල්වල ජනතාව සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ප‍්‍රධාන බලවේගය වන ගොවීහු, සිය ඉඩම් ආරක්ෂා කරගැනීමට සහ අධිරාජ්‍යවාදය විසින් නිර්මාණය කරනු ලදුව නිළධාරිවාදී ධනවාදය විසින් ක‍්‍රියාවට නංවන ගම්බද ජනගහනය විතැන් කිරීමේ සැලසුම් පරාජය කිරීමට කෘෂිකාර්මික විප්ලව හරහා නැගී සිටිති.

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) විසින් සංවර්ධනය කරනු ලබන මහජන යුද්ධය අධිරාජ්‍යවාදයේ සහ සෑම ප‍්‍රතිගාමීත්වයකම පරාජය ඉස්මතු කරමින්, සතුරාගේ වටලෑම් සහ සමූලඝාතක යුධ ව්‍යාපාර අභිමුව පවා නොසැලී සිටියි. එය සමස්ත ලෝක ජනතාවට ගත යුතු මග පිළිබඳව ශ්‍රේෂ්ඨ නිදර්ශනයක් සපයයි. ඉන්දියානු කම්කරුවන් මිලියන සිය ගණන් ගොවි ජනතාව හා සම්බන්ධ වෙමින් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) හි මග පෙන්වීම යටතේ මහජන යුද්ධය ඔසවා තබයි. එය ලෝක නිර්ධන පංතියට විශාල ශක්තියකි.

ප‍්‍රතිගාමී මෝඩි කල්ලිය විසින් නායකත්වය උසුලන පැරණි ඉන්දීය රාජ්‍යය, ජනතාවට එරෙහි යුද්ධයේ එක් පැතිකඩක් ලෙස ආදිවාසි ගොවි ජනතාව සමූලඝාතනය කිරීම ඉහළ දමමින්, ගම්මාන සහ නගරවල දැවැන්ත අත්අඩංගුවට ගැනීම් වැඩි කරමින්, විප්ලවීය නායකයින් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුද්ගලයින් හිංසනයට පත් කරමින් විප්ලවය වළකාලන්නට බලාපොරොත්තු සුන්වූ ප‍්‍රයත්නයක් දරයි. මෙලෙස ඉන්දීය ප‍්‍රතිගාමීහු ඉන්දීය රාජ්‍යයේ සහ රජයේ සැබෑ ස්වරූපය සහ සිය පච ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෙලිදරවු කරයි.

මහජන යුද්ධය සංවර්ධනය කරමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ජාතික විමුක්ති අරගල වලට සම්බන්ධ වෙමින් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) ජනතාව බෙදීමට ලක් කිරීම වළක්වයි. නව සංශෝධනවාදය පරාජයට පත් කොට ඇත; ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය සඳහා ආදර්ශයක් ඇත.

ලෝකයේ විප්ලවීය තත්ත්වය සංවර්ධනයේ අසමානතාවය, බ‍්‍රසීලය, ආජන්ටිනාව, ඉක්වදෝරය, වෙනිසියුලාව යනාදී සංශෝධනවාදී රජයන්වල බංකොලොත්භාවය යනාදිය මැතිවරණ සංශෝධනවාදයේ අර්බුද ප‍්‍රකාශ කරන අතර විප්ලවීය නිර්ධන පංති ව්‍යාපාරය සඳහා දැවැන්ත ශක්‍යතාවයක් විවර කොට ඇත.

බ‍්‍රසීලයේ නිළධාරිවාදී ධනවාදයේ ගැඹුරු දේශපාලන සහ ආර්ථික අර්බුද ඔවුන්ගේ නිළ ප‍්‍රචාරක මතය වන බ‍්‍රසීලය ‘‘නැගෙමින් සිටින බලවතෙක්’’ (‘‘බ‍්‍රසීලය’’ ලෝකයට නව යථාදර්ශනයක් යනාදී පාඨ.) යන්න පොඩි පට්ටම් කොට දමා ඇත. ආර්ථික අර්බුද මධ්‍යයේ සාම්ප‍්‍රදායික සහ නව දේශපාලනික පක්ෂ, විවිධ පංති කල්ලි නියෝජනය කරමින්, ඇද වැටුණු සහ නිමාවක් නැති අරගල කරමින් නිළධාරිවාදී රාජ්‍ය යන්ත‍්‍රයේ මුදුනට නැග ගැනීමට ප‍්‍රයත්න දරයි. බංකොලොත් අවස්ථාවාදීන් විසින් කොමියුනිස්ට්-විරෝධී නව රැල්ලක් අවුස්සවා තිබුණද, ගොවි කැරලි, නගරවල නැගීසිටීම් සමග එක්සත් වෙමින්, සමස්ත පැරණි ධූරාවලියම තැති ගන්වන්නට ප‍්‍රතිඥ දෙමින් පංති අරගලය නව තලයකට ඔසවා තබා ඇත.

ලෙනින් සහ මාඕ විශ්ලේෂණය කිරීමේ වටිනාකම නොසලකා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය විශාල ප‍්‍රවාහයන් දෙකකට බෙදා වෙන් කරන  පේරුව තුළ පේරු කොමියුනිස්ට් පක්ෂයේ මොවාඩෙෆ්/මාක්ස්-ලෙනින්-මාඕවාදී පේරු කොමියුනිස්ට් පක්ෂයේ නව සංශෝධනවාදය සහ ප‍්‍රචණ්ඩා සහ ඒවේකියන් ගේ නව සංශෝධනවාදය හෙලිදරව් කළ යුතුය: පීඩිත ජනතාවගේ ජාතික විමුක්ති අරගලය සහ නිර්ධන පංති විප්ලවය අතර එක්සත්කම කොමියුනිස්ට් පක්ෂ මගින් සහතික කොට ඇත.

වෙන කවරදාටත් වඩා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ දැනට ඇති විසිරීමේ තත්ත්වයේ සිට, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂ සහ සංවිධානවල එක්සත් ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා අරගල කිරීම මාක්ස්-ලෙනින්-මාඕවාදී ව්‍යාපාරයේ හදිසි කාර්යභාරයක් වී ඇත. මේ කාර්ය පසුපස හඹා යෑමෙන්, මතවාදී අරගලය හරහා, ලෝකය පුරා මාඕවාදී බලවේගයන්හි නව අවධියක සම්බන්ධීකරණයක් අත් කර ගත හැකිය. මෙය විප්ලවීය නිර්ධන පංතියේ ආධිපත්‍යය යටතේ නව මහජන යුද්ධ ඇවිලවීමට සහ අධිරාජ්‍ය-විරෝධී ව්‍යාපාරය උසස් කිරීමට හේතු වනු ඇත.

ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ 50 වැනි සංවත්සරය සමරමු!

සභාපති මාඕ සේතුං විසින් නායකත්වය දී සංවර්ධනය කරනු ලැබූ, ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවය, ලෝක නිර්ධන පංති විප්ලවයේ වඩාත්ම දියුණුතම අවදිය සහ උසස්තම අදියරයි. එය නිර්ධන පංතියේ ආඥදායකත්වය පවතින තත්ත්වයක් යටතේ පංති අරගලයට නායකත්වය දෙන්නේ කෙසේද, (1956) සෝවියට් සංගමයේ ධනවාදී ප‍්‍රතිස්ථාපනය සාර්ථකව සිදු වූ පසුව සහ චීනය නැවත ධනවාදය කරා ගමන් කිරීම 10 වසරකට වළක්වාලමින් සමාජවාදය යටතේ විප්ලවය පවත්වාගෙන යමින් සමාජය කොමියුනිස්ට්වාදය දෙසට ගෙන යන්නේ කෙසේද යන ප‍්‍රශ්න ඉදිරියට දමා ඒවා විසඳා ලූහ.

ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවය, මිලියන සිය ගණනක ජනතාවක් නිර්ධන පංති ආඥදායකත්වය ආරක්ෂා කිරීම සඳහා ඒකාග‍්‍ර කරමින්, අද මාඕවාදය බවට පත්ව තිබෙන මාඕ සේතුං චින්තනයෙන් ජාත්‍යන්තර නිර්ධන පංතිය සන්නද්ධ කරමින්, ධනේශ්වර මතවාදය, දේශපාලනය සහ සංස්කෘතිය දැවැන්ත සිඳ බිඳ දැමීමකට ලක් කරමින් ඊට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළහ.

සභාපති මාඕ සේතුං ධනේශ්වර මාවත ගත් බලය දරන්නන්ට එරෙහිව අරගලය ස්ථාපිත කිරීම ආරම්භ කළ අතර එය ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ හදිසි කර්තව්‍යයි. කෙසේ හෝ මූලික දේ වූයේ ලෝක දෘෂ්ඨිමාර්ගයේ ගැටලූව විසඳීමයි; ගැටලූව නම් සංශෝධනවාදය මුලිනිපුටා දැමීමයි. එමනිසා අප විසින් ප‍්‍රභාමත් ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවය සහ මතවාදී වෙනසක් සඳහා ඇතිරූ එහි ඉගැන්වීම් ග‍්‍රහණය කරගත යුතුය. මේ හැඟීමෙන් යුතුව, නව රාජ්‍යය ආරක්ෂා කිරීමට හැකියාව ඇති, අතිවිශාල ජනතාවකගේ සහයෝගය ලත් මහජන හමුදාවක සහයෝගය ඇතිව (නිර්ධන) පංතියට බලය අල්ලා ගැනීම සඳහා ඇති ප‍්‍රමුඛ මාවත මාඕවාදය යැයි සම්පූර්ණයෙන්ම පිළිගත යුතුය.

ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයට මුල පුරා වසර පනහක් ගත වුවද එහි බලසම්පන්න පෙරදිග සුළඟ අධිරාජ්‍යවාදය පෘථිවියෙන් අතුගා දමමින් හමා යයි. ඉන්දියාව, පේරු, පිලිපීනය සහ තුර්කිය යන රටවල්වල ශ්‍රේෂ්ඨ මහජන යුද්ධ සම්පූර්ණ පතන් ගින්නක් ඇවිළවීමේ තර්ජනය මතු කොට තිබේ. දහස් ගනන් දුෂ්කරතාවයන් තිබියදී පවා මේ මහජන යුද්ධ මගින් අධිරාජ්‍යවාදී දාමරිකයින් වූ කලී සැබෑ ත‍්‍රස්තවාදීන් බවත්, නව ලොවක් ගොඩ නැගීමේ සැබෑ වීරයින් වන්නේ පොදු මහ ජනතාව බවත්, අධිරාජ්‍යවාදය සහ සියළු ප‍්‍රතිගාමීන්  කඩදාසි කොටියන් බවත් සහ  සර්වබලධාරී වන්නේ ජනතාව බවත් තහවුරු කොට ඇත.

මේ මැයි දිනයේ, වෙන කවරදාකටවත් වඩා කුණාටු සහ අභියෝගවලින් ගහණ ලෝකයක් මධ්‍යයේ, ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවය සමරන්නේ අඛණ්ඩව රළ ප‍්‍රවාහයට එරෙහිව පිහිනමින්, ගැඹුරු මතවාදී සහ දේශපාලනික අරගලයේ කුණාටු සහ උදම් පහරට අභියෝග කරමින්, ජාත්‍යන්තර නිර්ධන පංතියට බලය අත්පත් කරගැනීමේ අරගලයේදී මාඕවාදය නගා සිටුවන්නටයි. ලෝකය වටේ සිටින කොමියුනිස්ට්වරු අධිරාජ්‍යවාදයට එරෙහි යුද්ධවලදී ක‍්‍රියාකාරී විය යුතුවා මෙන්ම පෘථීවි පෘෂ්ඨය මතින් අධිරාජ්‍යවාදය සදහටම අතුගා දැමීමට සහ ලෝක නිර්ධන පංති විප්ලවයක නව දැවැන්ත රැල්ලක් සඳහා මාඕවාදය අණ දෙන ස්ථානයක මෙන්ම මග පෙන්වීමේ ස්ථානයක තැබීම ද සිදු කළ යුතුය.

අධිරාජ්‍යවාදය පෘථීවි පෘෂ්ඨය මතින් සදහටම අතුගා දැමීමට සහ ලෝක නිර්ධන පංති විප්ලවය සිදු කිරීමට මාර්ගෝපදේශකත්වය ලබාදීමට සහ අණදෙන ස්ථානයට මාඕවාදය යෙදීමේ අරගලය ආරම්භ කිරීම අපි සමරන්නෙමු. ඒ සඳහා අවශ්‍ය කරන අභියෝගය වන්නේ තවමත් සිදු කිරීමට තිබෙන සහ සිදු කිරීමට ප‍්‍රමාදව තිබෙන කාර්ය වන ලෝකය පුරා මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට් පක්ෂ ඉදිකිරීමේ සහ නැවත ඉදිකිරීමේ කාර්ය ඉෂ්ට කිරීමෙන් මෙන්ම සෑම රටකම හැකිතාක් මහජන යුද්ධ පූරණය කිරීමෙනි.

අධිරාජ්‍යවාදී යුද්ධ භංග වේවා, මහජන යුද්ධය දිගු කල් දිනේවා!

නව මාඕවාදී ජාත්‍යන්තර මූලස්ථානයක් සහ නව ජාත්‍යන්තර එක්සත් මාඕවාදී සම්මේලනයක් උදෙසා!

අධිරාජ්‍යවාදය සහ සියළු ප‍්‍රතිගාමීන් කඩදාසි කොටියන් වෙති!

2016 මැයි 01

ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනයට අත්සන් කළ පක්ෂ සහ සංවිධාන…

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය
ඉක්වදෝර් කොමියුනිස්ට් පක්‍ෂය රතු හිරු – CPE (RS *
ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී)*
ඉරාන මාඕවාදී සමූහය*
කම්කරු හඬ කම්කරු හඬ – මලයාසියාව
කොමියුනිස්ට් බ්ලොග් ජාලය
කොලොම්බියානු කොමියුනිස්ට් පක්ෂය නැවත ඉදිකිරීමේ මාඕවාදී සංවිධානය
චිලී කොමියුනිස්ට් පක්ෂය රතු ඛණ්ඩය
ජනතාවට සේවය කරනු – නෝර්වේ කොමියුනිස්ට් ලීගය
ජනතාවට සේවය කරනු – ෂෙයිසායු සොරෙල්හ් – ඔක්සිටානි – ප‍්‍රංශ රාජ්‍යය
තුර්කි කොමියුනිස්ට් පක්‍ෂය /මාක්ස් – ලෙනින්වාදී – TKP/M-L *
නේපාල කොමියුනිස්ට් න්‍යෂ්ටිය
පංති ස්ථාවරය, ජර්මනිය
පේරු ජනතා ව්‍යාපාරය (ප‍්‍රතිසංවිධාන කමිටුව)
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය, බි‍්‍රතාන්‍ය රාජ්‍යය
බොලීවියානු විප්ලවීය ජනතා පෙරමුණ මාක්ස්-ලෙනින්-මාඕවාදී
බ‍්‍රසීල කොමියුනිස්ට් පක්‍ෂය රතු ඛණ්ඩය – CPB (RF)
මාඕවාදී කණ්ඩායම ෂෝරේෂ් – ඉරානය (MSG)
මාඕවාදී කොමියුනිස්ට් කණ්ඩායම – එක්සත් ජනපදය
(මාඕවාදී) කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ කිරීමේ කමිටුව, ඔස්ටි‍්‍රයාව
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉතාලිය
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව, ස්පාඤ්ඤ රාජ්‍යය
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය – ප‍්‍රංශය
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය මනිපූර්
මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය ටියුනීසියාව
මාඕවාදී විප්ලවීය ලීගය – ශ්‍රී ලංකාව
මාක්ස්-ලෙනින්-මාඕවාදී පක්ෂය ඉදිකිරීමේ කමිටුව (ජර්මනිය) – MLM-PAK
විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය ( PCR-RCP කැනඩාව)
සර්බියානු කොමියුනිස්ට් ව්‍යාපාරය

* සන්නිවේදනයේ ඇති දුෂ්කරතාවයන් නිසා, නිළ අත්සන් කිරීම තවමත් අපෙක්ෂා කරයි.

No comments:

Post a Comment