Saturday, November 12, 2016

india - maoist camp

ඉන්දියාව: මහජන විමුක්ති ගරිල්ලා හමුදාව චටිස්ගාර්හි ප‍්‍රතිගාමී සේනංකවලට එරෙහිව ප‍්‍රහාර දියත් කරයි.

maoist-study-camp

මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ නැක්සලයිට් ගරිල්ලන් විසින් පසුගිය පැහ කිහිපයේ චටිස්ගාර්හි ප‍්‍රතිගාමී ඉන්දීය සේනාංක වලට එරෙහිව ප‍්‍රහාර ගණනාවක් දියත් කොට ඇත.

මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ ප‍්‍රහාරයකින් නොවැ. 10 වන දින බිජාපූර් දිස්ත‍්‍රික්කයේ ජවාන් පොලිස් නිළධාරියෙකු මරණයට පත්වී ඇත. පොලිස් සුපිරිටැන්ඩන් රාහුල් රයිදු (27), බිජාපූර් වල භයිරම්ගාර් පොලිස් ස්ථානය අසලදී නැක්සලයිට් ගරිල්ලා ප‍්‍රහාරයට ගොදුරු වූහ. රාහුල් රයිදු හිටපු ප‍්‍රතිගාමී කොංග‍්‍රස් පක්ෂ සභාපති අජේ සිංග් ගේ බෑනා කෙනෙකි.

මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ඊයේ දිනයේ ප‍්‍රතිගාමී පොලිස් සේනාංකයකට එල්ල කළ තවත් ප‍්‍රහාරයකින් ෆාර්සීගාර් හි (බිජාපූර්) තවත් ජවාන් පොලිස් නිළධාරියෙකු මරණයට පත් වූහ. ප‍්‍රති-නක්සල් මෙහෙයුම්වල නියුතු ප‍්‍රතිගාමී සේනාංකය ගමන් කරන විට නැක්සලයිට්වරු බෝම්බයක් පුපුරුවා හැරියහ. සේනාංකය විශේෂ කාර්ය බලකාය, ඞීආර්ජී සහ ප‍්‍රාදේශීය පොලිස් නිළධාරීන්ගෙන් සමන්විත විය.

තවත් සිදුවීමකදී, දන්තෙවාද දිස්ත‍්‍රික්කයේ අරන්පූර් පොලිස් ස්ථානය අවට කොන්දපාරා ගම්මානය ආසන්නයේ සිදු වූ පිපිරීමක් නිසා භිමී මදාකි ලෙස හැඳින්වෙන කාන්තාවකගේ (50 වියැති) පාදයක් දරුණු ලෙස තුවාල වූ බව ද හින්දු නොවැම්බර් 10 වාර්තා කළහ. විශ්වාස කරන අන්දමට පිපිරී ගිය බෝම්බය ප‍්‍රදේශයේ මුර සංචාරයෙහි යෙදෙන මධ්‍යම සංචිත පොලිස් සේනාංක ඉලක්ක කොට තැබූ එකකි.

නොවැම්බර් 9 වන දින අන්ද්‍රාහි විශාකාපත්නම් දිස්ත‍්‍රික්කයේ දුරස්, ප‍්‍රදේශයක් වන ප‍්‍රජාමේලි වල දිවි පිදූ විප්ලවවාදීන්ට උපහාර පිණිස සැමරුම් උත්සවයක් පවත්වන ලදි. මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ බහුජන සංවිධානයක් වන රයාත් කුලි සන්ගා හි සිය ගණනක් ආධාරකරුවෝ මිය ගිය නක්සල් ගරිල්ලාවන්ට උපහාර පිදීමට පැමිණි අතර නිර්ධන පංතියට බලය ලබා ගැනීම සඳහා වන අරගලය අඛණ්ඩව ගෙන යන බවට දිවුරුම් දුන්හ. ඔවුහු ඉන්දියානු රජය මල්කාංගිරිවලදී මාඕවාදීහු 28 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධ ක‍්‍රියාව දැඩි ලෙස හෙලා දුටහ.



 

No comments:

Post a Comment